පසුගිය 8 වැනිදා වෙඩි තබා ගැනීමෙන් අසාධ්‍ය තත්ත්වයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා බැලීමට ආණ්ඩුවේ ප්‍රබලයින් පෝලිමේ යමින් සිටින බව වාර්තා වේ.
ඔවුන් අතරින් මුලින්ම ගියේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඉන් අනතුරුව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මෙන්ම ජනාධිපතිවරයාගේ අතිශය සමීප හිතවතකු වන සජින් වාස් ගුණවර්ධන සහ ඇමති මර්වින් සිල්වා වරින් වර ගොස් ඇත.
Views: 0









