විසුරුවා හැර ඇති නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභාවලට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන සාමාජිකයන් 2012 ජූලි මස 6 වනදා කොළඹ මහවැලි කේන්ද්රයේ පැවැත්වෙන නාම යෝජනා මණ්ඩල සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්රීපාල සිරිසේන දන්වා සිටියි.
විසුරුවා හැර තිබෙන පළාත් සභාවල දැනට සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් ද නාම යෝජනා මණ්ඩලයට අනිවාර්යයෙන්ම පැමිණිය යුතු අතර අපේක්ෂකත්වය බලාපොරොත්තු වන නවකයන්ද මෙදිනට සහභාගි විය යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කර සිටි.

Views: 0









