චිලියේ ශිෂ්‍ය පෙලපාලියට පොලිස් ප්‍රහාර

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවට බල කරමින් චිලියේ සන්තියාගෝ අගනුවර 28වන දා පැවති ශිෂ්‍ය පෙලපාලියකට පොලීසිය දරුණු ලෙස පහරදී ඇත.

ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තාකරන පරිදි ශිෂ්‍යයින් 250ක් අත්අඩංගුවට පත්ව ඇති අතර පොලීසියේ 15ක් තුවාල ලබා ඇත. චිලී ශිෂ්‍යයින් ලක්ෂ 1.5ක් පමණ සහභාගීවු මෙම පෙලපාලිය මහ වැසි මැද කිලෝමීටර් 5ක් දුර ගෙවාගෙන චිලියේ අගනුවරට පැමිණ තිබේ. මෙහිදී පොලීසිය පෙලපාලියට බාධා කරමින් කඳු ළුගෑස්, ජල ප්‍රහාර  සහ බැටන් ප්‍රහාර එල්ල කර ඇත.

ද්විතීයික අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රතිපාදන වැඩිකරන ලෙසට බලකරමින් වසරකට වැඩිකාලයක් මෙම විරෝධතා පැවැත්වේ. ලොව මිල අධිකම උසස්අධ්‍යාපනය සහිත රටක් ලෙස චිලිය වාර්තාවේ. බොහෝ සිසුන්ට අධ්‍යාපනය සඳහා අධික ලෙස ණය වීමට සිදුව ඇති අතර උපාධිය ලබා ගැනීමෙන් පසුවද බොහෝ කලක් යන තුරු ණය ගෙවීම‍ට ඔවුන්ට සිදුව ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ප්‍රමාණය වසරින් වසර ඉහළ ගියද එකදු නව විශ්වවිද්‍යාලයක් හෝ ගොඩනගා නැත.

“අපට සිටින්නේ විශ්වවිද්‍යාලවල ලාභ ඉපයීමට එරෙහි සමාජව්‍යාපාරයන්ට තබා පාර්ලිමේන්තු කොමිසමකටවත් ඇහුම්කන්නොදෙන ආණ්ඩුවක්.” යැයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනයේ සභාපති නෝම් ටිටෙල්මන් පවසයි.


Facebook
Twitter
LinkedIn