රටින් සහල් ගෙනත් සහල් මාෆියාව බිඳින්න බැහැ

සහල් ආනයනය කිරීමෙන් රට තුළ පවතින සහල් මාෆියාව බිඳ දැමීමට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ සහල් ආනයනය කිරීමේදී පනවා තිබූ බදු තවදුරටත් පහත දැමීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය පිළිබඳ අදහස් දක්වමිනි.

සහල් ආනයනය කිරීමේ දී පනවා තිබූ රුපියල් 15ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 5 දක්වා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය. 

මෙම තීරණය හේතුවෙන් මෙරට ගොවි ජනතාවට තවදුරටත් අසීරුතාවන්ට මුහුණපෑමට සිදුවන බව නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn