සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි

සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා අද පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දුන් අතර එහි කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ අත්සන් නොමැති වීම හේතුවෙන් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කමිටුවට පත් කළ සාමාජික සාලිය මැතිව් හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නීතිඥ එස්.මිස්බා එම අවසන් වාර්තාවට අත්සන් තබා නැති බව කියති.

කමිටු සභාපති අශෝක පීරිස්, ජනතා විමුක්ති පෙරමුණෙන් පත්කළ සාමාජික නීතිඥ උපුල් කුමාරප්පෙරුම, දෙමළ සන්ධානයේ කමිටු සාමාජික මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි යන සෙසු සාමාජිකයෝ අවසන් වාර්තාවට අත්සන් තබා ඇත. – ලංකාදීප

Facebook
Twitter
LinkedIn