“පක්ෂවල නිලධාරීන් වත්කම් දී නෑ” යනුවෙන් පසුගිය 2017.01.01 දින රාවය පුවත්පතේ මුල පිටුවේ පළකොට තිබූ ප්‍රවෘත්තියේ ජනතා විමුක්ති පෙරමුණේ නමද වත්කම් බැරකම් ලබා නොදුන් පක්ෂයක් ලෙස සඳහන් කර ඇති බවත් එම පුවත මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග අනුව වාර්තා කරන බවත් එහි සඳහන්ව ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.
2016 වසරේ ලබා දිය යුතු වත්කම් බැරකම් ප‍්‍රකාශ ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරි මණ්ඩලය නියෝජනය කරන 06 දෙනාම හරියාකාර ලෙස බාරදී ඇති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ පාලක ලේකම් කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතටම බාර දුන් බවත් එය කොමිසමේ සභාපතිවරයාද හොඳාකාරවම දන්නා බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
පක්ෂයේ සෙසු නිලධාරීන් හතරදෙනා ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කතානාකවරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් එය සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ හා මැතිවරණ කොමිසම අතර හුවමාරු වූ ලිපි මගින් සනාත කරන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එබැවින් මැතිවරණ කොමිසමේ යම් නිලධාරියෙකු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරක් අදල පුවත්පතට ලබාදීමට කටයුතු කර ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා අදාළ පුවත නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසද ටිල්වින් සිල්වා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දී ඇත.
මැතිවරණ කොමිමේ සභාපතිවරයාට යොමුකරන ලද ලිපිය පහතින් පල වේ.











