උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සිදු කළ ජාතිවාදී ප්රකාශයට විරෝධය දක්වමින් බොදු බල සේනා සංවිධානය ගෙනයන ජාතිවාදි විරෝධයට සහාය නොදැක්වීමට වව්නියාවේ ප්රධාන පන්සලවල භික්ෂූන්වහන්සේලා, එම පන්සල්වල දායකයින් සහ පාරම්පරික පදිංචිකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔවුන් අද (30) පැවැත්වෙන බොදු බල සේනා විරෝධතාවයට සිය සහාය දැක්වීම ප්රතික්ෂේප කර තිබේ.
වවිනියාව ඇතුළු ප්රදේශවල නැවත පදිංචි කළ ජනතාව 4000ක් 6000ක් පමණ සිටින නමුත් එම පිරිසෙන්ද 250ක පමණ පිරිසක පමණක් බොදු බල සේනා සංවිධානයේ විරෝධතාවයට එක් වී සිටින අතර එම ප්රදේශයේ මෑතකදි ඉදිකළ පන්සල් 2ක භික්ෂූන් වහන්සේලා කිහිප නමක් පමණක් ඊට එක් වී ඇත.
මීට අමතර සහභාගී වී සිටින 200ක පමණ පිරිස හා භික්ෂූන්වහන්සේලා සහභාගී වි ඇත්තේ කොළඹින් බවත් වැඩිදුරටත් වාර්තා වේ.
උතුරේ ප්රධාන හා පාරම්පරික පන්සල්වල භීක්ෂූන් වහන්සේලාගේ හා පාරම්පරික පදිංචි කරුවන් බොහෝමයකගේ මතය වී ඇත්තේ විග්නේෂ්වරන්ගේ ජාතිවාදි ප්රකාශයට පිළිතුර ජාතිවාදයේ නොදිය යුතු බවත් විග්නේෂ්වරන්ගේ මතය පාරිය කළ හැක්කේ ජාතික සමගිය ස්මතු වන ආකාරයේ ක්රියාමාර්ගවලින් බවත් ය.









