10යේ සිසුවාගේ පිහිපහර ශිෂ්‍ය නායකයා රෝහලට යවයි

Image result for knife shotමහනුවර කටුගස්තොට සෙනරත්ගම විදුහ‍ලේ  10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් එම විද්‍යාලයේම එකොළහ වසරේ ශිෂ්‍ය නායකයෙකුට ඊයේ (29) පිහියකින් ඇනීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිහි ඇනුමෙන් උරහිසට බරපතළ තුවාල ලත් සිසුවාට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ. මෙම සිසුවාට පාසල් වේලාව තුළ ශිෂ්‍ය නායකයා දුන් අවවාදයක් නිසා උරණ වී මෙම පිහි ඇනුම කර ඇතැයි සඳහන් වේ.

මෙම සිසුන් දෙදෙනාම කටුගස්තොට ඉනිගල සහ නිකතැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. 

පිහි ඇනුම කළ සිසුවා ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn