මහින්ද බලකාමයෙන් මත්වූවෙක් – මෛත්‍රී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලකාමයෙන් මත්වී පාර නොදැන මහපාරේ ඇවිදිමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) මාවනැල්ල ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

අවුරුදු 11ක් හරියට ආණ්ඩු කෙරුවනම් දියපට්ට එනකම් තව ආණ්ඩු ඉල්ලලා ඇවිදින්නේ මොකටද? බලය සහ බලකාමයෙන් සමහරු යන්නේ කොහෙද කියලා දන්නැතිව පරවල්වල ඔහේ ඇවිද්දත් හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරනවා. මේ වෙලාවේ ඒවාට උත්තර දෙන්නෑ. හෙට අනිද්දා ඒවට උත්තර දෙනවා යනුවෙනි.

Facebook
Twitter
LinkedIn