කතරගම බස්නායක නිලමේ බලහත්කාරයෙන් ඉඩම් ඩොසර් කරයි

කතරගම පූජා භූමියේ  පිහිටි සංරක්ෂණය කළ යුතු ඔසු උයනක් සහිත අක්කර පනහක පමණ භූමියක් ඇත් ගාලක් ඉදිකිරීමට යැයි පවසමින් කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් බැකෝ යන්ත්‍ර යොදා එළිකරමින් සිටින බව වාර්තා වේ.

කතරගම පූජා භූමිය තුළ කිසියම් ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු නමුත් බස්නායක නිලමේවරයා වන ඩී.ජී. කුමාරගේ එවැනි අවසරක් අදාළ ආයතනයෙන් ලබා ගෙන නොමැති බව පැවසේ.

මීට පෙර බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද පූජා භූමිය තුළ තමන්ට හිතුමතේ සංවර්ධන කටයුතු සිදුකළ අතර වත්මන් බස්නායක නිලමේවරයාද එවැනි ආකාරයෙන් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බව පැවසේ.

පූජා භූමිය තුළ සිදුකෙරෙන මෙම නීතිවිරෝධී ක්‍රියාව නතර කිරීමට කතරගම ප්‍රාදේශීය ලේකම්වරයාට ක්‍රියාත්මක විය නොහැකි වී ඇත්තේ පූජා භූමියට අයත් ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය නිසා බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn