තුර්කි කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව

තුර්කිය තුළ සිදු කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ඊට සම්බන්ධ සියලුදෙනා සොයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල්  ජොශප් වොටෙල් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔබ ඔබේ වැඩක් බලාගන්න යනුවෙන් තුර්කි ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරාය ප්‍රකාශ කර ඇත්තේ හමුදා කුමන්ත්‍රණයෙන් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය තුර්කි ජනතාවගේ ජීවිතයට හා අනාගතයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් කිසිඳු කනගාටුවක් ප්‍රකාශ නොකළ යුරෝපා සංගමය හා බටහිර රටවල් කුමන්ත්‍රණයට සම්බන්ධවූවන් සොයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.  කුමන්ත්‍රණකරුවන් ගැන අනුකම්පා කරන කිසිවෙක් තුර්කියේ මිතුරන් නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මේ වනවිට තුර්කිය තුළ හදිසි නීතිය පනවා ඇති අතර කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුදෙනා සොයා අත්අඩංගුවට ගනිමින් හා සේවයෙන් පහකරමින් සිටී. පසුගිය බ්‍රහස්පතින්දා වන විට තුර්කි හමුදාවේ ප්‍රධානීන් 1,700ක් සේවයෙන් පහකර තිබෙන අතර ඉන් 40%ක් දෙනා හමුදා ජෙනරාල්වරුන් හා අද්මිරාල්වරුන් බව පැවසේ. මේ වනවිට රාජ්‍ය අංශයට අයත් සේවකයින් 66,000ක් සේවයෙන් ඉවත් කර ඇති අතර තවත් 50,000කගේ විදෙස් ගමන් බලපත්‍ර අවලංගු කර ඇත. රූපවාහිනී ඇතුළු මාධ්‍ය ආයතන 142ක් තහනම් කර තිබේ.

මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ මෙතෙක් තුර්කිය ඇමෙරිකාව හා එකඟතාවයෙන් කටයුතු කරමින් තිබූ වටපිටාව වෙනස් වී තුර්කිය රුසියාව වෙත සමීප වීමත් සමග ජනාධිපති එර්ඩෝගන්ගේ  පාලනය පෙරළා දැමීම සඳහා මෙම කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව ක්‍රියාත්මක වූ බවයි. තුර්කි ජනාධිපතිවරයා සිදුවීමෙන් අනතුරුව පැවසූවේ ඇමෙරිකාවේ රැකවරණය ලබමින් සිටින පූජකයකු මේ පිටුපස ක්‍රියාත්මක වන බවයි.

තුර්කි හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව නේටෝ සාමාජිකත්වයෙන් තුර්කිය ඉවත් කර ඇති අතර යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා යොමු කර තිබූ ඉල්ලීම ඉවත දැමීමටද කටයුතු කර ඇතැයි වාර්තා වේ. මේ සියලු සිදුවීම්වලින් තහවුරු වන්නේ මෙම හමුදා කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ක්‍රියාත්මක වී ඇති බවයි.

President Erdogan spoke from the presidential palace on Friday

තුර්කියට චෝදනා කරන ඇමෙරිකානු හමුදා ප්‍රධානියා

US Defence Secretary Ashton Carter (L) alongside General Joseph Votel

Facebook
Twitter
LinkedIn