“ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ සෑම ජනකොටසකටම අනන්‍ය වූ සමඅයිතීන් පිළිගැනීමෙන් පමණයි”

“දෙමළ හින්දු සංස්කෘතියක් මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් සිංහල බෞද්ධ සංස්කෘතියක් සිංහල කතෝලික සංස්කෘතියක්, යන මෙවැනි සංස්කෘතීන්වල මිශ‍්‍රනයක් තියනවා. ඒ නිසා බහු සංස්කෘතියක් ද්වි භාෂාවක් බහු ආගමික බහු ජාතිකත්වයන් පිරි රාජ්‍යයක් අපේ රට. එවැනි ආගමික වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජිවත් වෙනවා. එවැනි භාෂාවන් වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජීවත් වෙනවා. එවැනි සංස්කෘතීන් වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජීවත්වන රටක ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ කෙසේද? සමගිය ගොඩනැගිය හැක්කේ ඒ සියලු දෙනාගේ සමඅයිතිය පිළිගැනීමෙන් පමණයි. භාෂාවේ සම අයිතිය,ආගමේ සම අයිතිය, සංස්කෘතියේ සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. ඒ නිසා ජාතික සමගිය ගොඩනැගීමේ මූලික මුල්ගල් බවට පත්කර ගත යුත්තේ සෑම ජනකොට්ඨාශයකටම තමන්ට අනන්‍ය වූු සමඅයිතීන් පිළිගැනීමෙන් පමණයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (28) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ “පාට ගොඩක්… එකම රටක්…”තේමාවෙන් පැවති සහෝදරත්වයේ සිත්තම සිතුවමක් කිරීම හා සංගීත සැදෑව අවස්ථාවට එක්වෙමින් පැවසීය.

එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක මහතා, ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, කලාකරුවන්, ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සභාගි වූහ.

එහිදී අදහස්දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා…

“අපි දන්වා මිට අවුරුදු 33කට පෙර 1983 ජූලි මාසේ 23 දින මෑත ලංකා ඉතිහාසයේ අඳුරුතම හා මිලේච්ඡතම දිනය. මේ මහ පොලොව ලේවලින් තෙත් වුණා. මේ අහස දුම්වලින් කළු වුණා. අපේ ඇස් ඉදිරිපිට මහ ගිනිජාලාවන් අපි දැක්කා. මා දන්නවා මට අපේ විශ්වවිද්‍යාලවල ඉහළ සොයුරන් අපට කිවුවා, කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සපත්තු මහන්නෙක් හිටියා, ඔහු දෙමළ තාත්තා කෙනෙක්. ඔහු ඇවිලෙන ටයර් සෑයට පණ පිටින් දාලා පුළුස්සලා දැමුවා.

අප කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. ජුලි 23දා  ඕපාපාතිකව ඔහේ හුදලා ලෙස තනි අහම්භයක් ලෙස ඇතිවිච්ච දිනයක් කියලා. ක‍්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබූ ජාතිවාදය, එය උතුරේ වේවා, දකුණුනේ වේවා, බලය වෙනුවෙනුත් බලයේ ආරක්‍ෂාව වෙනුවෙනුත් වර්ධනය වෙමින් තිබූ ජාතිවාදය ගිනියම් ලෙස පුපුරා යන දිනය තමයි 83 ජූලි මස 23වැනිදා. හරියටම මීට අවුරුදු 33කට පෙර. එම දිනය සමාජවාදී තරුණ සංගමය විසින් සහෝදරත්වයේ දිනය ලෙස නම් කොට ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් මතවාදිමය අරගලයක් ක‍්‍රියාකාරීමය මැදිහත්වීම ඉතාමත් සුදුසු හා යෝග්‍ය යැයි අපි කල්පනා කරනවා.

අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ ජනතාව වෙන් වෙන්ව ගත්තොත් ඔවුන් ජාතිවාදී කියලා. ඉපදෙනෙකුට අපි කවුරුත් ජාතිවාදීන් නොවේ. ඉපදෙනකොට අපේ මනස හරියට හිස් කලයක් වෙගේ. හැබැයි ඒ මනසට පුරවපු වතුර මොනවද? ඒ මනසට පසුගිය කාලය පුරාම මේ පාලක පංතිය විසින් පුරවපු වතුරවල සැලකිය යුතු සංයුතියක් ජාතිවාදය අඩංගු වී තිබුණා. ඒ මොකක් වෙනුවෙන්ද? දකුණේ සිංහල ජාතිවාදය වේවා. උතුරේ දෙමළ ජතිවාදය වේවා. නැගෙනහිර මුස්ලිම් ජාතිවාදය වේවා. මේ කිසිවක් වර්ධනය කරන්නේ මේ කෙසිවෙකට වගකියන්නේ මේ කිසිවෙකට නායකත්වය දෙන්නේ මේ කිසිවෙකට පොළබවන්නේ,  සාමාන්‍ය දුවා දරුවන්ගේ සාමාන්‍ය අම්මා තාත්තාගේ ගැටලු විසඳීම සඳහා නොවෙයි. ඒ සියල්ල පිටුපස අඩු වැඩි වශයෙන් ලබාගන්නා ලද බලයත් එහි ආරක්‍ෂාවත් බලය අත්පත් කරගැනීමේ උවමනාවත් ගැබ්වී තිබෙනවා. ඒ නිසා අද අපට අරගලයක් තිබෙනවා. මේ ජාතිවාදයට එරෙහිව මතවාදී ක්ෂේත‍්‍රයේ අරගලයක්. අපි නියෝජනය කරන්නේ ජාතික සමගියේ පිල නම් ඔවුන් නියෝජනය කරන්නේ ජාතිවාදයේ පිල. හැබැයි ඔවුන්ගේ මතය ප‍්‍රබල වී තිබෙනවා. ඔවුන් විටක තමන්ගේ පාලක බලය, ඒ වෙනුවෙන් උපයෝගි කරගන්නවා. විටක තමන්ගේ දේශපාලනයේ තියෙන හයිය ඒ වෙනුවෙන් උපයොගි කරගන්නවා.

මෑත කාලයේ උදාහරණ බැලුවොත් මේ දකුණු පලාතේ විවිධ බලවේගයන්ගේ ගොඩ නැගුවේ මොනවා වෙනුවෙන්ද? විවිධ බල සේනාංකයන්ගේ ගොඩනැගුවේ මොනවා වෙනුවෙන්ද? ඒ බලසේනාවල පරමාර්ථය වී තිබෙනේනේ සිංහල ජාතියේ වර්ධනයත් හෝ බෞද්ධ දර්ශනයේ ආරක්‍ෂාවක් නෙවෙයි. එම බලසේනාවගේ අරමුණ බවට පත්වෙලා තිබුණේ පැවති රාජපෂ ආණ්ඩුවේ දිගුව සහ පැවැත්ම සඳහා අවශ්‍ය වන මතවාදී බලය නිර්මාණය කිරීම. ඒ නිසා පැවති පාලක පන්තිය, පැවති පාලනය තමන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ජාතිවාදය වපුරනු ලැබූවා. එතනින් නතර වුණේ නැහැ. දැන් ඔවුන්ට ගිලිහි තිබෙන බලය, යලි අත්පත් කරගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. අපට මතකයි හිටපු පාලකයා පරාජයට පත්වෙලා මැදමූලන වලව්වට ගිහිල්ලා ජනෙල් පොල්ලේ එල්ලිලා මොකක්ද කිවුවේ. සුළු ජාතික ඡන්ද නිසා මම පැරදුනා කිව්වා. ඔහු පරාජයෙන් පසුව ඔහුගේ පළමු ප‍්‍රකාශය සිට ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ යලි බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කිරීම. දකුණේ පමණක් නෙවෙයි උතුරේත්, මා දැක්කා උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශයට පත්කරලා තියෙනවා, මොරගහ කන්ද ජලය නිසා ලෙස බෙදා ගැනීම සඳහා මධ්‍යම ආණ්ඩුව සහ උතුරු පළාත් සභාව අතර ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. මොකක්ද මේ කියන්නේ. මොරගහ කන්දේ ජලය නිසි පරිදි බෙදාගැනීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළ යුතුයි ලු, මධ්‍යම රජය සහ පළාත් සභාව අතර. මොකක්ද මේ කියන්නේ. මෙය මේ රටේ සිදුවිය යුතු දෙයක්ද? මෙය අන් කවරක්වත් නොවෙයි, උතුරු පළාතේ විශේෂයෙන්ම පළාත් සභා පාලනය, මේ වනවිට උතුරු පළාතේ තමන්ගේ එකම පැවැත්ම සහ අනාගතය තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ මෙවලම බවට පත්වී තිබෙන්නේ ජාතිවාදය. ඒ නිසා මේ ජාතිවාදය, බලය ලබාගැනීමේ අරමුණත් ලබාගත් බලය ආරක්‍ෂා කරගැනීමේ අරමුණෙනුත් මහා බලයක් ලෙස කි‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ බලයට එරෙහිව තමයි ජාතික සමගිය කොඩිය අතට ගන්න ඕනකම තියෙන්නේ. විශේෂයෙන්ම අපි සමාජවාදී තරුණ සංගමයට ස්තූතිවන්ත වෙනවා. පසුගිය 23වැනිදා සිට දින ගණනාවක් යාපනය නතර වෙලා, යාපනය ජනතාව මුණගැහිලා, විවිධ සංස්කෘතික උළෙලවල්, විවිධ ශ‍්‍රමදායකත්වයන් විවිධ මතවාදී අරගලයන් කරමින් තිබෙනවා, උතුර ජාතිවාදි ගොහොරුවෙන් මුදවා ගැනිමේ අරමුණෙන්. ඒ වගකීම අපිට තිබෙනවා. එහි අද ප‍්‍රධාන භූමිකාව ජාතිවාදය. හැබැයි උතුරෙ ජනයාට වෙනම පාලනය විසින් හෝ වෙනම බල කඳවුරෙන් යුතුව හෝ උතුරේ ජනයාට ඇතිවන සෙතක් නැතිවන බව එහි ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.

ඔබ හිතන්න, යාපනයේ මහා ලුනු අස්වැන්නක් තිබෙනවා. වෙළඳපොල තිබෙන්නේ දකුනේ, යාපනයේ මහ එළවලු අස්වැන්නක් තිබෙනවා. වෙළඳපොල තිබෙන්නේ දකුණනේ. සංස්කෘතියෙන් ගැටගැහෙනවා. මාර්ග පද්ධතියෙන් ගැටගැහෙනවා. ඒ විතරක් නොවෙයි අපේ ජල ප‍්‍රවාහන පද්ධතියෙන් පවා එකට ගැටගැහෙනවා. මධ්‍යම කඳකරයෙන් තමයි අපේ ගංගා ටික පටන්ගන්නේ. ඒ ගංගාවල වතුර ටික තමයි උතුර, දකුණ, බටහිර සහ නැගෙනහිර බේදයකින් තොරව ගලා යන්නේ. ඒ නිසා මේ රටේ භූ විෂමතාවයේ පිහිටීම, අපේ ඉතිහාසයත්, අපේ සංස්කෘතීන් දෙස බැලුවත් අපේ ජන ප‍්‍රවාහයන්ගේ මනෝභාවය දෙස බැලුවත් මේ කිසිවෙක්ට ඉඩ තිබෙන්නේ වෙන්වීමේ දිසාවට නෙවෙයි, මේ හැම කරුණක්ම සපත කොට තිබෙන්නේ ඒකතු වීමේ දිසාවට අවශ්‍ය වන සාධක. ඒනිසා අපි මේ එකතුවිමේ අරගලය සමගියේ අරගලය ඉදිරියට ගෙන ආ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව ප‍්‍රභල හඬක් සහ ප‍්‍රභල අරගලයක් අප වෙත පැවරී තිබෙනවා. එය පවරා ගත යුතුවන්නේ අප විසින් පමණක්මයි. වෙන කිසිවෙකු විසින් එය පවරා ගන්නේ නැහැ. වෙන කිසිවෙකුට ඒ ජාතික සමගිය අවශ්‍ය නැහැ. රාජපක්‍ෂ මහත්තයාට ජාතික සමගිය ඕනද? රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ජාතික සමගිය ඕනද? සම්බන්ධන් මහත්කයාට ජාතික සමගිය ඕනද? හකීම් මහත්තයාට ජාතික සමගිය ඕනද? තොන්ඩමන් මහත්තයාට ජාතික සමගිය ඕනද? නැහැ. ජාතික සමගිය ඇතිවනවා කියන්නේ ඔවුන්ගේ දේශපාලනයේ මුල් බැහැගෙන තිබෙන පස් තට්ටුවම ඔවුන්ගෙන් ගලවලා යනවා.

හකීම් මහත්මයා තමන්ගේ දේශලාන ව්‍යාපෘතිය දියත්කොට තිබෙන්නේ, මුස්ලිම් ජාතිවාදය කියන පස ඇතුලේ. සම්බන්ධන් මහත්තයා තමන්ගේ දේශපාලනය ව්‍යාපෘතිය දියත්කොට තිබෙන්නේ දෙමළ ජාතිවාදය කියන පස ඇතුලේ. රාජපක්‍ෂ මහතා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දියත්කොට තිබෙන්නේ සිංහල ජාතිවාදි කියන පස ඇතුලේ. ඒ නිසා මේ කණ්ඩායම් තමන්ගේ පැවැත්ම බවට පත් කරගෙන තිබෙන්නේ, තමන්ට අන්‍යය වූ තමන්ට සුවිශේෂි වු ජාතිවාදී පාර්ශවයන් නියෝජනය කරමින්. ඒ නිසා මේ කිසිදු පාර්ශවයක් ජාතික සමගිය පාර්ථනා කරන අය හෝ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින අය නොවේ. ඒ හැම දෙනාම, තම තමන්ගේ ජාතිවාදී ප‍්‍රවණතාවයන් වෙනුවෙන් බල කඳවුරු හදන්න ජනතාව බෙදන්න ජනතාව ඈත් කරන්න වෙන විදියේ සමාජයන් නිර්මාණ කිරීම සඳහා වෙහෙස මහන්සි වෙන දේශපාලන කඳවුරු තිබෙනවා. අන්න එවැනි මහ කඳවුරු සමුදායක් ඇතුලේ තමයි අපිට සිදුවි තිබෙන්නේ ජාතිවාදයට එරෙහි සටන ජාතිවාදයට එරෙහි අරගලය දියත් කරන්න. එය වචනවලින් වේදිකාවේ කෑමොර දීමෙන් පමණක් කළහැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ.

පළමු කොටම අපිට අපේ මූලධර්ම සකස්කර ගතයුතුව තිබෙනවා. අපේ රට කියන්නේ මොකක්ද? සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප‍්‍රධාන ජන කොට්ඨාශ 3ක් ජීවත් වෙනවා. ආවේ කොහෙන්ද? මලභාරයෙන් වෙන්න පුළුවන්. කොරමැන්ඩල්වලින් වෙන්න පුළුවන්. දකුණු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. උතුරු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. ආවේ කොහොමද? වෙළඳ ලෙස වෙන්න පුළුවන්. ආක‍්‍රමණ ලෙස වෙන්න පුළුවන්. යුද්ධවලින් වෙන්න පුළුවන්. ආවහවිවහාවලින් වෙන්න පුළුවන්. මොන විදහට ආවත් මොන කාලේ ආවත් අද අපේ රටේ ඉපදෙන ආර්ථිකයට හවුල්වෙන, අපේ රටේ පොහොර වෙන, මේ මහ පොළොවේ වැලලෙන සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප‍්‍රධාන ජන කොට්ඨාශ 3ක් ජීවත් වෙනවා. ඒ නිසා අපේ රට ඒකජාතීය රාජ්‍යයක් නොවේ. අපේ රට බහුජාතිය රාජ්‍යයක්.

ඒවගේම හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය, බුද්ධ ධර්මය කියලා ප‍්‍රධාන ආගම් හතරක් අදහන ජන කොට්ඨාශ අපේ රටේ ජීවත් වෙනවා. ඒවගේම සිංහල, දෙමළ කියලා ප‍්‍රධාන භාෂාවන් දෙකක් අපේ රටේ ජනතාව තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් තමන්ගේ රාජ්‍ය පාලනය වෙනුවෙන් උපයෝගි කරගෙන තිබෙනවා. දෙමළ හින්දු සංස්කෘතියක් මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් සිංහල බෞද්ධ සංස්කෘතියක් සිංහල කතෝලික සංස්කෘතියක්, යන මෙවැනි සංස්කෘතීන්වල මිශ‍්‍රනයක් තියනවා. ඒ නිසා බහු සංස්කෘතියක් ද්වි භාෂාවක් බහු ආගමික බහු ජාතිකත්වයන් පිරි රාජ්‍යයක් අපේ රට. එවැනි ආගමික වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජිවත් වෙනවා. එවැනි භාෂාවන් වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජීවත් වෙනවා. එවැනි සංස්කෘතීන් වෙනස්කම් සහිත ජනකොට්ඨාශයන් ජීවත්වන රටක ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ කෙසේද? සමගිය ගොඩනැගිය හැක්කේ ඒ සියලු දෙනාගේ සමඅයිතිය පිළිගැනීමෙන් පමණයි. භාෂාවේ සම අයිතිය, ආගමේ සම අයිතිය, සංස්කෘතියේ සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. ඒ නිසා ජාතික සමගිය ගොඩනැගීමේ මූලික මුල්ගල් බවට පත්කර ගත යුත්තේ සෑම ජනකොට්ඨාශයකටම තමන්ට අනන්‍ය වූ සමඅයිතීන් පිළිගැනීමෙන් පමණයි. ඒ මතය උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද භේදයකින් තොරව සියලු ජනතාවගේ සම අයිතීන් පිළිගන්නා ජනතා මනෝභාවයන්, ජනතා චින්තනයන් ගොඩනැගිය යුතුව තිබෙනවා. එය අපි හිතන් නැහැ ජාතික සමගිය ගොඩනැගීම සඳහා වූ හුදකලා අරගලයක් කියලා. අනිවාර්යයෙන්ම ජාතික සමගිය ගොඩනැගීමේ අරගලයත් ඉහළ පන්තියෙන් පහළ පන්තියට බලය ලබාගැනීමේ අරගලයත් එකට ගැට ගැසී තිබෙනවා. ඒ අරගලය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සක‍්‍රීයව මැදිහත් වෙන්නත් ජයග‍්‍රණයෙන් කෙලවර කරන්නත් මැදිවෙනවා.”

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින්…

“අපි දන්නවා ජූලි මාසේ අපට මතක් වෙද්දි අපේ ඔලුවලට එන්නේ ඒ කළු පාට වුණු ජූලිය. ඒ අඳුරුතම දිනයට හරියටම වසර 33ක් ගතවෙලා තියනවා. එවගේම යුද්ධය ඉවරවෙලා අවුරුදු 7ක් ගතවෙලා තියෙන්නේ. හැබැයි අවුරුදු 68ක් මේ රට පාලනය කළ පාලකයන්ට බැරිවෙලා තියනවා සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස එක රටක් එක ජාතියක් බවට පත්කරන්නට. ඒවගේම ඔබ දන්නවා තිස් අවුරුදු යුද්ධයේදී අපට විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. ඒක මනින් මිම්මක් තියනවා. එවගේම විශාල දේපළ ප‍්‍රමාණයක් අහිමි වුණා. ඒක මනින් මිම්මක් තියනවා. හැබැයි අපිට මනින් මිම්මක් නැති ඒක දෙයක් තියනවා. එතමයි අවුරුදු 33ක් තිස්සේ රෝපනය වූ ජාතිවාදී බලපෑම. ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 33ක් කළු ජූලිය වෙද්දි 1983 අවුරුද්දේ ඉපදුණු අය අදවෙද්දි අවුරුදු 33ක තරුණ තරුණියෝ බවට පත්වෙලා. ඒ අයගෙන් බොහෝ පිරිසක් අඩු වැඩි වශයෙන් සිංහල ජාතිවාදයත් දෙමළ ජාතිවාදයත් මුස්ලිම් ජාතිවාදයත් ඇතුලේ තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බහුතරයක් වුණු ලාංකීය ජනතාව අතර අඩුවැඩි වශයෙන් හිත් ඇතුලේ ජාතිවාදී සතා ජිවත් වෙනවා. හරියටම ගත්තොත් බෝලයක් වතුර ඇතුලේ දාගෙන ඔබාගෙන ඉන්නවා වගේ. අත ඇරපු ගමන් උඩට එනවා. ඒක නිසා තමයි සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලකයෝ, අවස්ථාවාදී නායකයෝ මේ ජාතිවාදය පාවිච්චි කරන්නේ. මොකද ඒ ගොල්ලො දන්නවා අපේ ඇගවල් ඇතුලේ මේක තියනවා. ඒක ඕනම වෙලාවක පනගහලා ගන්න පුළුවන් කියලා. ඒක තමයි මෙකේ තියෙන බරපතලම ඛේදවාචකය. ඒක නිසා සමාජවාදී තරුණ සංගමය විදිහට තදින්ම විශ්වාස කරනවා ජාතික සමගිය නැත්නම් අපට අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ කියලා.

ඒ නිසා තමයි සමාජවාදී තරුණ සංගමය විදිහට 2008 සිට, යුද්දය තියන කාලයේ පටන් මේ කළු ජූලිය වූ දිනය සහෝදරත්වයේ දිනය ලෙස නම් කළේ. ඒ වේලාවේ විවිධ බාධා අපිට ආවා. විවිධ ප‍්‍රශ්න අපිට ආවා. නමුත් අපි එවටසැලෙන්න ගියේ නැහැ. අපි ඒ ගත්ත තීන්දුවේ දිගටම හිටියා. ඔබ දන්නවා පැරදුන මහින්ද මහත්තයා මීට අවුරුදු කීහිපයකට පෙර සිංහල මුස්ලිම් ජාතිවාදය ගොඩනගන්න උත්සහා කළා. ඒ වේලාවෙදී මෙතන ඉන්න සිවිල් සංවිධාන ඒවගේම අපේ පක්‍ෂය හා සමාජවාදී තරුණ සංගමය එක්ව මහින්ද මහත්තයා ගේන්න හදපු ජාතිවාදය මුළුමනින්ම පරාජය කරන්න පුළුවන් වුණා.ඒ ඔබේත් අපේත් මැදිහත් වීම නිසා. අපි ඒ දේ කළා. ඔබ දන්නවා මීට දින කිහිපයකට කලින් යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවුණු ශිෂ්‍ය ගැටුමත් එක්ක ලොකු සංවාදයක් එන්න පටන්ගත්තා. එම අවස්ථාවේදී මෙතන ඉන්න සංවිධාන සියල්ල එකතු වීඒ ප‍්‍රහාරය ප‍්‍රතික්ෂේප කරමින් ඒමතින් ජාතිවාදය ගොඩනගන්න හදද්දී එය පරාජයකරන්න මැදිහත් වුණා.

ඒ විතරක් නෙවෙයි පසුගියදා සහෝදරත්වය දිනය වැඩසටන් තුළදී යාපනය විශ්වවිද්‍යාල තුළට ගිහිල්ලා සිංහල ශිෂ්‍ය නායකයෝත්, දෙමළ ශිෂ්‍ය නායකයෝත්, මුස්ලිම් ශිෂ්‍ය නායකයෝත් මුණගැහුණා. අපි කතා කරා මේ ප‍්‍රශ්නය විසඳන්න ඔබ ඔබේ මැදිහත් වීම මොකක්ද කියල. අපි අවංකම සතුටු වෙනවා පසුගිය 23 වැනිදා සහෝදරත්වයේ දිනය දවසේ යාපනය ටි‍්‍රමර් හෝල් එකට සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍ය නායකයෝ එක වේදිකාවට ගේන්න සමත්වීම ගැන. ඔවුන් කිවුවේ මේ විශ්වවිද්‍යාලය තුළ දී අපිට අධ්‍යාපනය විතරයි ඕන, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම එකට ඉගෙන ගන්න ඕන කියන එක. ඒක නොවෙයි ද වෙන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඒ වගකීම ඉෂ්ටකරමින් සිටිනවා කියලා.

ඒ විතරක් නොවෙයි යුද්දේ ඉවරවෙලා අවුරුදු හතක් අවසන් වෙලත් එකදු සාහිත්‍ය උළෙලක්වත් ජාතික සමගිය වෙනුවෙන් පවත්වා නැති මොහොතකදී සමාජවාදී තරුණ සංගමයත් ඒවගේම යාපනයේ ඉන්න විද්වතුනුත් එක්ක ඉතාමත් සාර්ථක සාහිත්‍ය උළෙලක් පවත්වන්න හැකි වුණා. ඒකට සම්බන්ධ වුණු සහෝදරවරු මෙතන ඇති. ඔවුන් චිත‍්‍ර එවලා තිබුණා, කවි එවලා තිබුණා. ඒවා ඇතුලේ ජාතිවාදය තිබුණේ නැහැ. ඒ වර්ණ ඇතුලේ, ඒ කවි ඇතුළේ ඒ අකුරු ඇතුලේ ජාතිවාදය තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ වෙලා තිබුණේ එක රටක් ඇතුලේ ඔවුන්ගේ අනන්‍යතාවයක් රැකගෙන ජීවත් වෙන්න. අපි හිතනවා ඒ මතවාදය ඉතා හොඳින් කරමින් ඉන්නවා කියලා. ඒවගේම අපි අලුත් වැඩකට අත ගැහුවා. “සහෝදරත්වයේ නෑගම් යාම” කියලා නම්කරලා දවස් තුනක් යාපනය හා කිලිනොච්චි දිස්ත‍්‍රික්ක තුළසමාජවාදී තරුණ සංගමයේ සියලු සහෝදරවරුන් රැගෙන කඳවුරු බැදගෙන ඔවුන් එක්ක ජීවත් වුණා. අපිට අභියෝගයක් තිබුණා. එකක් අපි සියලු දෙනාටම දෙමළ භාෂාව බැහැ. අපි නොදන්න පළාතකට යන්නෙ. හැබැයි දවස් තුනෙන් පළවෙනි දවස අපි ගියා. අපි එහි නතර වුණා. පොඩි ළමයි ටික විතරයි අපේ වැඩවලට සම්බන්ධ වුණේ. අනිත් අය ඈත ඈත ඉදන් බලා හිටියේ.

හැබැයි පළමු දවසේ සංස්කෘතික වැඩෙන් පස්සේ මුළු ගමම එකතු කරන්න පුළුවන් වුණා. ඒ නිසා අපි එහෙන් එන දවස ඔවුන්ටත් අපටත් කම්පනය වූ දවස, ඉතාමත් දුක ඇති වූ දවස. ඔවුන් අපිව බදාගෙන ඇඩුවේ ඔය ගොල්ලො ආපහු එන්නෙ කවද්ද කියන එක. ඒ කඳුලු ඇතුලේ ජාතිවාදය හොයන්න තිබුණේ නැහැ. තිබුණේ එකම දෙයයි. මනුස්සකම, සහෝදරකම. අපි හිතනවා එක කරා කියලා. ඒ විතරක් නෙවෙයි අපි ආපහු කොළඹ ඇවිල්ලා කල්පනා කරා, ඒක උතුරු පළාතේ පමණක් නෙවෙයි. මෙහෙත් ඒක තියනවා. මෙහෙත් ජාතික සමගිය වෙනුවෙන් වැඩකරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒනිසා අපිට  ඕනකම තිබ්බා ජාතිවාදයට එරෙහිව විශාල මතයක් තියනවා කියලා පෙන්නන්න.

ඒක නිසා තමයි “පාට ගොඩක් එක රටක්” යන සංකල්පය ඔස්සේ අද අපි මෙම සහෝදරත්වයේ සිත්තම සංවිධානය කළේ. අපිට විවිධ පාට ඕනා. අවට බැලුවමලස්ස පෙන්නේ විවිධ වර්ණ තියෙන නිසා. එක වර්ණයක් තිබුනොත් එකේ ලස්සන නැහැ. එනිසා එක රටක් ලෙස විවිධ වර්ණ තියෙන්න ඕන. එවිට තමයි ලස්සන වෙන්නෙ.

අද මෙතන විවිධ සිංවිධාන නියෝජනය කරලා තියනවා. කලා කරුවෝ නියෝනය කරලා තියනවා. ඔවුන් ජාතික සමගිය වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කරයි. ඒවගේම සංස්කෘත ප‍්‍රසංගයට මේ ජාතික සමගිය වෙනුවෙන් දායක වෙයි. අපි හිතනවා ඒක කළ යුතු දෙයක් කියලා. ඒවගේ අපිට මොන බාධා තිබුණත් මොන ගැටලු තිබුණත් ජාතික සමගිය වැදගත් කියලා. ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමය විදිහට ජාතික සමගිය වෙනුවෙන් පුළුල්ම ජාතික සමගියේ පවුර හදන්න උත්සහා කරන්නේ. ඒ ආරම්භක දවස් ටික තමයි මේ යමින් සිටින්නේ. ඒවගේ තරුණ තරුණියන්ට කියනවා ජාතිවාදයේ මර උගුලට ඔබ යටවෙන්න එපා. මොකද ජාතිවාදයේ තමන්ගේ ජීවිතය බවට පත්කරගෙන කූඩැල්ලන් වගේ ලේ නැතුව ජීවත්වෙන්න බැරි මිනිසුන් කොට්ඨාශයක් ඉන්නවා. අපි ඒකට අහුවෙන්න ඕන නැහැ. ඒ නිසා අපි ජාතිවාදයට විරුද්ධවත් ජාතික සමගිය වෙනුවෙනුත් වැඩකරන්න ඕන. 

ඒවගේම සිංහල දෙමල මුස්ලිම් විද්වතුන්ගෙන් ඉල්ලනවා ඔබේ හඩ අවධි කරන්න. මේක අවස්ථාවක් කරගෙන ජාතික සමගිය වෙනුවෙන් වැඩකරන්න කියලා ඉතාමත් ඕනෑකමින් කියනවා.”

Facebook
Twitter
LinkedIn