මහින්ද පන්නයේ වැඩකරන මහින්ද පිලේ හිටපු සභාපති

මහින්ද පිල නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම හිටපු ප්‍රාදේශීයසභා සභාපතිවරයෙකු වන ඉන්දික කෝරළගේ මහතා ගොඩගම ප්‍රදේශයේ හෝටලයකදී ඉතා අමාණුෂික ලෙස එම හෝටලයේ හිමිකරුවාට පහරදී තිබේ.

හිටපු සභාපතිවරයා එම ව්‍යාපාරිකයාට පහරදෙන ආකාරය එම හෝටලයේ CCTV කැමරවක සටහන් වී ඇති අතර එම සභාපතිවරයාට එරෙහිව අතුරුගිරිය පොලීසියට පැමිණිලි කිරීමටද හෝටලයේ හිමිකරුවන් විසින් කටයුතු කර ඇතත් එම පොලිස්ථානයෙන් කිසිදු නිලධාරියෙකු එම පරීක්ෂණ සිදු කර නැත. පසුව ඔවුන් පාදුක්ක පොලිස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමින මූලික පරීක්ෂණ සිදු කර පසුව එහ අතුරුගිරිය පොලීසියට නැවත බාර දී ඇත.

සභාපතිවරයාට එරෙහිව පැමිණිලි කර තිබුණද, ඔහු ඇතුළු මැරයන් පහරදෙන අයුරු සටහන් වී ඇතී වීඩියෝ දර්ශන තිබුණද පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන නැත. 

පහරකෑමට ලක් වූ තැනැත්තා මේ වනවිට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඉන්දික කෝරළගේ මහතාගේ මෙවැනිම මැර ක්‍රියාවන් සම්බන්ධ සිදුවීම් මීට පෙරද වාර්තා වී තිබිණි.  

https://www.youtube.com/watch?v=eep92WCsdbA

https://www.youtube.com/watch?v=_W7BjV8y4cw

 

Facebook
Twitter
LinkedIn