ජල සම්පාදන මණ්ඩලයේ අනෙකුත් සේවකයින්ට ලබාදෙන හානිපූර්ණ දීමනාව 2008 ජනවාරී මාසයේ සිට අලුතෙන් බදවාගත් සේවකයින්ට ලබානොදෙන බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා පවසයි. මෙය සේවකයින්ලබාදෙන දීමනාවක් වන අතර වැටුප සමග ගෙවනු ලබයි. එකම තනතුරේ එකම සේවාව සපයන අයට අසමාන ලෙස වැටුප් ගෙවීම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කිරීමක් බවච ඔහු පවසයි.
මේ අතර මෙම අසාධාරණ සහ අයුක්ති සහගත තත්වයට එරෙහිව උද්ඝෝෂණයක් නොවැම්බර් 08 දින රත්මලාන ගොළුමඩම හන්දියේ පිහිට ජාතික ජල සම්පාදන මණ්ලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දහවල් 12.30 ට පැවැත්වීමට තීරණය කර ඇති බව උපාලි රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
14









