22ට විරෝධය දැක්වූවන් දැන් කෝ? – ප්‍රතිඵල මෙන්න

22ට විරෝධය දැක්වූවන් දැන් කෝ? – ප්‍රතිඵල මෙන්න

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉතා සීමිත පිරිසක් හඬ නගන අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කිසිසේත් අත නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.

මෙරට අධිකරණ පද්ධතිය පුළුල් කිරීම සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ ආයතන පුළුල් කරමින් ගෙන ගිය සමස්ත ක්‍රියාවලියේදී 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙනු ලැබීය. එයට එරෙහිව දැඩි ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් මේ අවස්ථාවේ නිහඬව සිටීම පිළිබඳව විශ්ලේෂකයින් දැඩි ලෙස ප්‍රශ්න කරති.

මේ අතර, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කාර්යක්ෂම කිරීම නිසා මාසයකටත් අඩු කාලයක් තුළ බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව 4,000කින් පමණ අඩු වී ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්