කිසිදු ආකාරයක අන්තවාදී දේශපාලන ක්‍රියාමාර්ගවලට යළි ඉඩ නොතබන බව ඊයේ (17) කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනේ යෙදුණු දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඔප්පු කර තිබිණි.
ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ජාතිවාදය අවුස්සමින් ආරම්භ කළ වියරු පාලනය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයේ දී උච්ච ස්ථානයකට ගෙන එනු ලැබීය. එහෙත්, එවැනි කුමන්ත්රණකාරී අන්තවාදයකට යළි කිසි දිනයක ඉඩක් නොලැබෙන බව පැය 24ක් ඇතුලත රැස්වුණු ජනතාව ඔප්පු කරනු ලැබීය. ගලගොඩඅත්තේ හිමියන්ට අධිකරණය ලබා දුන් දඬුවම පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වීමට උත්සාහ කළ විපක්ෂයේ අන්තවාදී කල්ලි සියල්ලම මහජන මතය හමුවේ පරාජය කර තිබේ.

Views: 130










