කාවන්තිස්සගේ මරණය ගැන අධිකරණයෙන් නියෝගයක්

කාවන්තිස්සගේ මරණය ගැන අධිකරණයෙන් නියෝගයක්

රෝගී තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග කර තිබේ.

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පශු වෛද්‍ය නිලධාරීන්ට නියෝග කර ඇත.

එමෙන්ම, හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස මීගලෑව වනජීවී කලාපයේ වන නිලධාරිටද අධිකරණය නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්