වරින් වර ඇති වූ ආර්ථික කම්පනයන්ට මුහුණ දෙමින් වුවද ශ්‍රී ලංකා ආර්ථිකය දිගින් දිගටම ශක්තිමත්භාවයක් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
2026 දෙවන කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් 4.2%කින් වර්ධනය වී ඇති අතර එය අඛණ්ඩව එකොළොස් වන කාර්තුවටත් වාර්තා වූ ශක්තිමත් වර්ධනයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
එමෙන්ම 2026 අගෝස්තු අග වනවිට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
මැදපෙරදිග පවතින ගැටුම්වල කාලසීමාව සහ තීව්‍රතාවය පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිමය වර්ධනයන් සහ එල්නිනෝ බලපෑම හේතුවෙන් අවදානම් තත්වයන් තවදුරටත් පවතින බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.
කම්පනයන්ට ලක්විය හැකි පරිසරයක් තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ප්රවේශම්කාරී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා නොසැලෙන කැපවීමක් අවශ්‍ය වන බවද එහිදී අවධාරණය කර ඇත.
බදු පදනම පුළුල් කිරීම, බදු සහන සහ දිරිගැන්වීම් විධිමත් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නංවමින් තිරසාර ආදායම් වර්ධනයක් තහවුරු කර ගැනීම සඳහා ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීමට අමතරව, මධ්‍යකාලීන ආදායම් උපාය මාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති බවද එහි සඳහ වේ.
ශ්‍රී ලංකාව, දැනට පවතින 5%ක උද්ධමන ඉලක්කය සහ පවතින වගවීම් සීමාවන් එලෙසම පවත්වා ගත යුතු අතර ආහාර සහ බලශක්ති මිල ගණන්වල අධික වෙනස්වීම් පවතින වාතාවරණයක් තුළ මෙම ඉලක්කය මගින් අවශ්‍ය නම්‍යශීලීභාවය ලබා දෙන බවද පෙන්වා දෙයි.
මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව සහ ශක්තිමත්භාවය සුරැකීම අත්‍යවශ්‍ය වන බවත් මෑතකදී යෝජිත සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවත් එහි දක්වා තිබේ.
ශ්‍රී ලංකාව දැන් ආර්ථික ස්ථාවරත්වයේ සිට වඩාත් යහපත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් තිරසාර ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.
වෙළඳ ලිහිල්කරණය, ව්‍යාපාර සහ කම්කරු රෙගුලාසි නූතනකරණය කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය වේගවත් කිරීම ඒ සඳහා නිර්දේශිත පියවර ලෙස ඔවුන් දක්වා ඇත.










