පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා අධිකරණයේ නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ හිතවතුන් මේ දක්වා අනුගමනය කළ විවිධ උපක්‍රම අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
එම අසාර්ථක වීමත් සමඟ සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවිශේෂී වරප්‍රසාද මත රඳවා සිටි අතර, හදිසියේ ම 21 වෙනි දින සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිය යුතු බවට ලබා දුන් නියෝගයක් සමඟ සලේ සහ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ කණ්ඩායම් බියට පත් වී ඇත.
ඊයේ (22) අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවයි. එමෙන් ම, ඔහුට රුපියල් ලක්ෂ 40ක පමණ හදවත් උපකරණයක් සවි කර ඇති බව ද ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී රෝහල් අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය බව ද දන්වා ඇත.










