22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන විසිදෙවැනි සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව කථානායක මෙම තීරණය බොහෝ දුරට හෙට (22) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට පසුගිය මස 18 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්