අද තමයි දවස

අද තමයි දවස

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය.

එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්‍රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර, සාකච්ඡා මාර්ගයෙන් සියළු ගැටලු විසඳා ගනු ලැබීය. විපක්ෂය තවදුරටත් සුන්බුන් බවට පත් වෙමින් ඒකාධිපති පාලනයක් පිළිබඳව ප්‍රචාර ගෙන යමින් සිටින්නේ මෙම පසුබිම තුළ ය.

බංකොලොත් කර තිබූ රටේ ආර්ථිකය වේගයෙන් යථා තත්වයට පත් කරමින් අයවැය හිඟය අවම අගයක පවත්වා ගනිමින් දේශීය මුදල් ආයෝජනයෙන් මහා පරිමාණ ව්‍යාපෘති ද ආරම්භ කර තිබේ. ඒ පිළිබඳව වැඩි විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn