ආණ්ඩුවෙන් ජනතා විරෝධී වැඩක්?

ආණ්ඩුවෙන් ජනතා විරෝධී වැඩක්?

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන ගමන් ගන්නා සියළුම මගීන් අද (20) සිට ආසනය පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

මගීන්ගේ සුරක්ෂිතතාවය සඳහා පනවා තිබෙන මෙම නීතියට එරෙහිව ඇතැම් පුද්ගලයන් විවිධ ප්‍රචාර දියත් කරමින් සිටිති. රජයට කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීම නොව, මහජන ජීවිතවල සුරක්ෂිතතාවය සඳහා පනවන නීති සම්බන්ධයෙන් ද ජනතාව නොමඟ යැවීමට තරම් පාදඩ මට්ටමකට ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් වැටී සිටීම පිළිබඳව සමාජයෙන් ම විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 100කට සීමා කර ඇත. එවැනි වේගයකින් ධාවනය කෙරෙන වාහනවල ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතතාව වඩාත් වැඩි කිරීම සඳහා මෙම නීතිය අද සිට බලාත්මක කෙරේ. ලෝකයේ වෙනත් රටවල ආසන පටි නොපළඳින මගීන් සඳහා ඉහළ දඩ මුදල් අය කෙරෙන බව නීති විශාරදයින් පෙන්වා දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්