ලොව ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන J.P. Morgan ආයතනය විසින් හඳුන්වා දෙනු ලබන නවතම දේශීය මුදල් රාජ්‍ය බැඳුම්කර දර්ශකයේ 7.5%ක ඉහළ බර තැබීමේ අනුපාතයක් (weighting) ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
සැප්තැම්බර් මස අවසානයේදී එළිදැක්වීමට නියමිත මෙම දර්ශකය මඟින් දේශසීමා වෙළෙඳපොළ රටවල් 26ක ඇමරිකානු ඩොලර් බිලියන 330කට අධික වටිනාකමකින් යුත් රජයේ බැඳුම්කර ආවරණය කරයි.
මෙහිදී තනි රටකට හිමිවිය හැකි උපරිම බර තැබීමේ සීමාව 8%ක් වන අතර වියට්නාමය, ඊජිප්තුව සහ පාකිස්තානය වැනි රටවල් 8%ක උපරිමයේ පසුවන පසුබිමක ශ්‍රී ලංකාව 7.5%ක අගයක් හිමි කරගනිමින් දර්ශකයේ ප්‍රධානතම අංගයක් බවට පත්ව තිබේ.
අවම වශයෙන් ඩොලර් මිලියන 250ක හිඟ ශේෂයක් සහ වසර දෙකහමාරක කල් පිරීමේ කාලයක් සහිත සුදුසුකම් ලත් දේශීය මුදල් බැඳුම්කර මේ සඳහා ඇතුළත් කර ඇත.
ආර්ථික අර්බුදයෙන් පසු මෙරට රුපියල්වලින් නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගේ විශ්වාසය සහ ආකර්ෂණය යළි තහවුරු වීමක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ මෙය පෙන්වා දෙති.










