කෝටි 32ක කුෂ් කටුනායකින් පන්නන්න බැරිවෙයි…

කෝටි 32ක කුෂ් කටුනායකින් පන්නන්න බැරිවෙයි…

රුපියල් කෝටි තිස් දෙකක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ තුළ, ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද (15) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, ගමන් මලු දෙකක් තුළ, සුළං නොවදින ලෙස පැකැට් 60ක් තුළ අසුරා සකස් කර තිබී ඇත.

මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් තිබූ බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ගුවන් තොටුපොළ තුළදී ඔහු අත් අඩංගුවට පත් වනු ඇතැයි දැනී, මෙසේ මෙම ගමන් මලු 02ක අතහැර දමා පළා යන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු සැක පළ කරති.

කෙසේ වෙතත් මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු මෙම ගමන් මලු ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගියා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්