BRICS සමුළුව සාමාජිකයින් අතර සමගිය හා මිත්‍රත්වය තහවුරු කරයි !

BRICS සමුළුව සාමාජිකයින් අතර සමගිය හා මිත්‍රත්වය තහවුරු කරයි !

ඉන්දියාවේ දිල්ලි නුවර අවසන් වූ BRICS සමුළුවේදී ඔවුන්ගේ සහයෝගීතාවය සම්බන්ධයෙන් වූ පිටු 45 ක පොදු ප්‍රකාශණයක් එලි දක්වා ඇති බව වාර්තා වේ. චීනය, රුසියාව සහ ඉන්දියාව, ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු BRICS සාමාජික රටවල නායකයින් ඉරිදා නව දිල්ලියේ පැවති ඔවුන්ගේ දෙදින සමුළුව අවසන් කළේ ඔවුන්ගේ සහයෝගීතාවයේ සහ සමගියේ අවශ්‍ය තාවය දැඩිව අවධාරණය කරමිනි. විශේෂයෙන් මැද පෙරදිග යුද්ධය, ගාසා යුද්ධය, ත්‍රස්තවාදය, පරිසරය හා ආර්ථික ආරක්ෂණ වාදය, ජාත්‍යන්තර ආයතන තුල සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් BRICS සාමාජික රටවල් අතර පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට විශේෂ සාකච්චා පැවතුනු බව මාධ්‍ය වාර්තා කර සිටි.

2026 BRICS සමුළුව “ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය, සහයෝගීතාවය සහ තිරසාරභාවය: අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ පැවැත් විණි .

“සමුළුව විසින් සම්මත කරන ලද නවදිල්ලි ප්‍රකාශනය අපගේ බෙදාගත් දැක්ම සහ අනාගත සහයෝගීතාවය සඳහා පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රැස්වීම අවසන් කරමින් පවසා සිටියේය.

“පසුගිය දින දෙක තුළ අපගේ සාකච්ඡා මගින් BRICS යනු රටවල් සමූහයක් පමණක් නොව, අර්බුධ සඳහා විසඳුම් යෝජනා කරන පරිසර පද්ධතියක් ද බවට අපගේ විශ්වාසය ශක්තිමත් කර ඇත,” යයි සමුළුවේ සත්කාරකත්වය ද මතු කරමින් තවදුරටත් පැවසීය.

2009 දී BRICS සංසදය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපදය සහ G7 වැනි බටහිර බලවතුන් විසින් ආධිපත්‍යය දරන ආයතනවලින් පිටත ප්‍රධාන නැගී එන ආර්ථිකයන් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ පසුව දකුණු අප්‍රිකාව) එක පෙරමුණකට ගෙන ඒම සඳහා වේ. එතැන් සිට BRICS කණ්ඩායම පුළුල් වූ අතර විශේෂයෙන් ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එහි සාමජිකත්වය ලබා ගන්නා ලදී.

“BRICS හි ශක්තිය පවතින්නේ අපගේ විවිධත්වය සහ අපගේ සහයෝගීතාවය තුළයි,” යනුවෙන් ඉන්දියන් අගමැති මෝදි මහතා ප්‍රකාශ කළේය. ලෝක ධනයෙන් 40% ක් නිෂ්පාදනය කරන තම හවුල්කරුවන්ට “ඇතුළත් ගෝලීය වර්ධනය” ප්‍රවර්ධනය කිරීමට ඔහු තවදුරටත් ආරාධනා කර සිටියේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරිදා ඉන්දීය සංචාරය අවසන් කළේ BRICS සංවිධානය ජාත්‍යන්තර වේදිකාවේ “ප්‍රධාන බලවේගයන්ගෙන් එකක්” බවට පත්ව ඇති බවත්, “නව, සාධාරණ සහ බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක්” නිර්මාණය කිරීමට දායක වී ඇති බවට තම සතුට ප්‍රකාශ කරමිනි. එසේම ඔහු රුසියාවට එරෙහිව පනවා ඇති බටහිර සම්බාධක හෙලා දුටුවේය.

චීන ජනාධිපති ෂින් පින් සමුළුව අමතමින්

“නැගී එන ගෝලීය දකුණ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කළ යුතු අතර ජාත්‍යන්තර සබඳතාවල මූලික නීති ද ආරක්ෂා කළ යුතුය. නීති නොමැති ලෝකයක් රථවාහන ලයිට් නොමැති මංසන්ධියක් වැනියි. එවැනි තත්වයකදී අවුල් සහගත බව සහ අක්‍රමිකතාව නොවැළැක්විය හැකියි. එසේම ආර්ථික ආරක්ෂණ වාදය අවසන් කල යුතුයි. සියලු ආකාරයේ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරන සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහාය දෙන ලෙස මම සමුළුවේ සාමාජිකයින් ගෙන් ඉල්ලා සිටිනවා ” යයි පවසා සිටියේ ට්‍රම්ප් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරමිනි.

ඉරාන ජනාධිපති මසුඩ් පෙසේෂ්කියන් සමුළුව අමතමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය හෙලා දුටුවේ ලෝකයට තවත් පොලීසියක් අවශ්‍ය නැති බව අවධාරණය කරමිනි.

ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශණයේ දී, BRICS නායකයින් සැප්තැම්බර් 12 වන සෙනසුරාදා “ලෝක වෙළඳ සංවිධානය (WTO) කේන්ද්‍ර කර ගනිමින්, රටවල් සඳහා වෙනස් කොට සැලකීම් නොකරන, විවෘත, සාධාරණ, විනිවිද පෙනෙන, සාධාරණ, නිවැරිදි, පුරෝකථනය කළ හැකි සහ නීති මත පදනම් වූ බහුපාර්ශ්වික ලෝක වෙළඳ පද්ධතියකට BRICS හි සහාය” නැවත තහවුරු කළහ.

මෙය 2025 ජනවාරි මාසයේදී ධවල මන්දිරයට ආපසු පැමිණි දා සිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලු පෙරමුණු වල දියත් කරන ලද තීරුබදු යුද්ධයට එරෙහිව සිදු කරන ලද ඉඟියක් මෙම ඒකාබද්ධ ප්‍රකාශණය මගින් ලබා දී ඇතැයි දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ.

එසේම BRICS හි සාමාජිකයෙකු වන ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුද්ධය, BRICS කණ්ඩායම තුළ බරපතල බෙදීම් ද හෙළි කර තිබේ. එක් පැත්තකින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්බාධක තර්ජන නොතකා ඉරානය සමඟ වෙළඳාම දිගටම කරගෙන යන බීජිං සහ මොස්කව් සිටින අතර අනෙක් පැත්තෙන්, විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අගෝස්තු මාසයේදී ටෙහෙරානය සමඟ වෙළඳ හා මූල්‍ය හුවමාරු අත්හිටුවීමෙන් පසු ඉරාන මිසයිලවල ඉලක්කය බවට ද පත්විණි. පසුව ඔර්මුට්ස් සමුද්‍ර සන්ධියද වසා දැමිණි.

2026 මැයි මාසයේදී, BRICS විදේශ අමාත්‍යවරුන්ට ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි විය. මෙවර, ඔවුන්ගේ නායකයින් කලාපයේ “ආතතීන් අඛණ්ඩව උත්සන්න වීම පිළිබඳව ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල” ඒකමතිකව ප්‍රකාශ කිරීමට සමත් විය. කෙසේ වෙතත් සමුළුව අවසානයේදී සාමාජිකයින් මැද පෙරදිග ගැටුමට සම්බන්ධ වී ඇති රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමේ රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් ඇතුළු සියලු පාර්ශ්වයන් “උපරිම සංයමයෙන්” කටයුතු කරන ලෙස අවධාරණය කරනු ලබන ඒකාබද්ධ ඉල්ලීමකට ද අත්සන් තබා ඇති බව වර්තා වේ.

ද්විපාර්ශ්විකව, ෂී ජින්පින්ගේ ඉන්දීය සංචාරය, ඔවුන්ගේ හිමාලයානු දේශසීමාවේ 2019 දී රටවල් දෙකේ සොල්දාදුවන් අතර ඇති වූ යුධ ගැටුමෙන් වසර හයකට පසු බීජිං සහ නවදිල්ලිය අතර සිදුවෙමින් පවතින රාජ තාන්ත්‍රික සම්බන්ධතා වල නව අදියරක් සනිටුහන් කළේය. දෙරටම ඔවුන්ගේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් නැවත නව මාර්ගයට ගෙනැවිත් ඇත, නමුත් තවදුරටත් ආර්ථික, වෙළඳ හා ආරක්ෂක අවිශ්වාසය එකිනෙකා අතර පවතී.

කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වන සෙනසුරාදා චීන ජනාධිපති හා මෝදි අතර පැවැති රාජතාන්ත්‍රික රැස්වීමේදී, “අවංක, සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි ආකාරයකින් දේශසීමා ගැටළුව විසඳා ගැනීමට දෙරටේ නායකයින් දෙදෙනා ප්‍රතිඥා දුන්” බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් මාධ්‍ය වෙත පවසා සිටියහ.

සමුළුවේ පුළුල් මහජන සැසිය ආරම්භ වීමට පෙර ඉරිදා උදෑසන, බ්‍රික්ස් සාමාජික රටවල නායකයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. BRICS සංවිධානයට ඊජිප්තුව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉතියෝපියාව ඇතුළත් වේ.

Facebook
Twitter
LinkedIn