විසිදෙක ගැන අධිකරණ මතය විසිදෙක පාර්ලිමේන්තුවට

විසිදෙක ගැන අධිකරණ මතය විසිදෙක පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනතට ගෙන එනු ලබන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක වෙත යොමු කර ඇති බවත් එය ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව බවත් වාර්තා වේ.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ලැබුණු පෙත්සම් 70ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසා බැලිණි.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා බ්‍රහස්පතින්දා තීරණය කළේය.

Facebook
Twitter
LinkedIn