අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි ප්‍රහාරයක් – වෑන් රථයේ මත්ද්‍රව්‍ය

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි ප්‍රහාරයක් – වෑන් රථයේ මත්ද්‍රව්‍ය

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර තිබේ.

එම වෑන් රථයේ සිදු කළ සෝදිසියේදී එහි තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn