ලක්ෂ 24, ලක්ෂ 12ට කපලා

ලක්ෂ 24, ලක්ෂ 12ට කපලා

රජය ලබන බදු ආදායම් පොදු මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වැය කිරීමේ දී ප්‍රතිලාභීන් නිවැරදි ආකාරයෙන් හඳුනා ගෙන සවිබල ගැන්වීම ආරම්භ කර තිබේ.

පසුගිය 2025 වසරේ දී අස්වැසුම ලැබූ පවුල් සංඛ්‍යාව 2,439,917ක් වී තිබූ අතර, මෙම වසරේ අගෝස්තු වනවිට එම සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩු වී තිබේ. මෙතෙක් කාලයක් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අනිසි ආකාරයෙන් ප්‍රතිලාභ ලබා ගත් පිරිස් හඳුනා ගෙන ඔවුන් ප්‍රතිලාභී ලැයිස්තුවලින් ඉවත් කිරීමෙන් මෙලෙස අස්වැසුම ආධාර ලබන පිරිස අඩකින් පමණ පහත වැටී තිබේ. මෙම මස අවසානය දක්වා අස්වැසුම ආධාර මුදල් ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර, එහිදී හඳුනා ගන්නා යම් පවුල් ප්‍රමාණයක් අලුතින් එක්විය හැකි බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බදු ගෙවන ජනතාව මත බර පටවා අනිසි ලෙස බෙදා දෙමින් සිටින බවට විපක්ෂ කණ්ඩායම් ගෙන යමින් තිබෙන ප්‍රචාරය පදනම් විරහිත බව මෙයින් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්