මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී වසරක් ගත වීමටත් පෙර මිග් යානා මිල දී ගැනීමෙන් ඩොලර් මිලියන 07ක පමණ මූල්ය වංචාවක් සිදු කළ අතර, ඉන් පසු එම පාලනයේ දෙවන කාලය තුළ එයාර් බස් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන ගණනක මූල්ය වංචා සිදු කළ අතර, රනිල් මෛත්රී හවුල් ආණ්ඩුව ආරම්භ කර දින 45ක් ගත වීමටත් පෙර මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදු කරනු ලැබීය.
රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ ඇතුළු පාලන සමයන් තුළ එකිනෙකා ආරක්ෂා කර ගනිමින් අදාළ මූල්ය අපරාධ යට ගසා තිබිණි. නමුත් මේ වනවිට එම මූල්ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සහ අධිකරණමය ක්රියාමාර්ග දියත් කර තිබේ.
මිග් යානා මූල්ය වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ ලසන්ත වික්රමතුංග මාධ්යවේදියා ඝාතනය කරනු ලැබීය. ශ්රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 2,300ක ගනුදෙනුවට අදාළ අවබෝධතා ගිවිසුමක් 2013 වසරේදී අත්සන් කර තිබිණි. එයින් ඩොලර් මිලියන 1,000ක් ඉක්මවූ මූල්ය වංචා සිදු කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ. රනිල් වික්රමසිංහ අගමැති ධුරය දැරූ සමයේ එම ගනුදෙනුව අවලංගු කිරීම සඳහා බව කියමින් ඩොලර් මිලියන 200 ඉක්මවූ වන්දියක් ගෙවන මුවාවෙන් මූල්ය අපරාධයක් සිදු කර තිබේ. එම තොරතුරු හෙළි කළ රජීව් ජයවීර මාධ්යවේදියා ටොරින්ටන් චතුරශ්රයේදී අභිරහස් ලෙස මරණයට පත් වී සිටි අතර, අදාළ තොරතුරු පිළිබඳ ප්රකාශයක් ලබා දුන් කපිල චන්ද්රසේන ද අභිරහස් ලෙසින් මරණයට පත්විය.
.









