සුජාතා අත්තනායක සහ කේ. වෙන්කට් පිළිබද අතීතය අගමැතිනිය හෙළි කරයි…

සුජාතා අත්තනායක සහ කේ. වෙන්කට් පිළිබද අතීතය අගමැතිනිය හෙළි කරයි…

ආචාර්ය සුජාතා අත්තනායකගේ කලා ජීවිතය දශක 07ක් ඉක්ම යාම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී උපහාර උත්සවයක් ජූලි 28 වෙනි දින පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරීය හැඟීම්බර කතාවක් කළාය.

විශේෂයෙන්ම කළු ජූලියේදී පනපිටින් පුළුස්සා මරා දැමූ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. වෙන්කට්ගේ පළමු නිර්මාණය වූ මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයට එම්.කේ රොක්සාමිගේ සංගීතය සහ කරුණාසේන ජයල්තගේ ගී පද මාලාව ආචාර්ය සුජාතා අත්තනායකගේ හැඟීම්බර ස්වරයෙන් ගායනා කළ ආකාරය සිහිපත් කළාය.

ඉදිරියේදී කළු ජූලිය වැනි ඛේධවාචක මෙරටේ සිදු නොවීමට ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කලාකරුවන් වෙත සුවිශේෂී මෙහෙවරක් සිදු කළ හැකි බව අගමැති ආචාර්ය හරිනි අමරසූරීය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුනසේකර ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

එම උපහාර උළෙලේ වීඩියෝව පහත දැක්වේ,

Facebook
Twitter
LinkedIn