ශ්රී ලංකා නාවික හමුදාවට ආදුණික කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ නීතිය අවභාවිතා කිරීම සහ නිසි සුදුසුකම් සම්පූර්ණ නොකර මහ බ්රිතාන්යයේ පාඨමාලාවකට මහජන මුදල් වැය කිරීම සම්බන්ධයෙන් දූෂණය නම් චෝදනාව යටතේ නඩු පවරා තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව මෙම නඩු පැවරීම සිදු කර ඇත. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සඳහාම අවස්තා දෙකකදී එතෙක් පැවති බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහත හෙළීම සහ සුදුසුකම් සපුරා නොතිබියදී මහජන මුදල් වැය කරමින් මහා බ්රිතාන්යයේ ඩාක්මත් රාජකීය නාවුක හමුදා ඇකඩමියේ පාඨමාලාවකට යැවීම මගින් දූෂණය නැවති වරද සිදු කර ඇතැයි චෝදනා ඉදිරිපත් කර ඇත.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට අනීතික ලෙස බඳවා ගැනීමෙන් පසුව සිදුකරන ලද තවත් විනය විරෝධී ක්රියා රැසක් පිළිබඳවද තොරතුරු වාර්තා වී තිබේ. ඔහුගේ ආරක්ෂාවට ඉහළ නාවික හමුදා නිලධාරීන් යොදා ගැනීම, CSN රූපවාහිනී නාලිකාවේ හිමිකාරිත්වය දැරීම ඒ අතරින් ප්රධාන චෝදනාය.










