මීගමුව සහ මහර බන්ධනාගාරවලින් හෙළි නොවූ බරපතළ තොරතුරු

මීගමුව සහ මහර බන්ධනාගාරවලින් හෙළි නොවූ බරපතළ තොරතුරු

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අතිශය දරුණු තදබදය පිළිබඳව 2022 දී නිකුත් කරන ලද වාර්තාවකින් තොරතුරු අනාවරණය වේ.

විජේදාස රාජපක්ෂ අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙසින් සිටියදී 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09කට අදාළව එම ප්‍රගති වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාවේ 92 වෙනි පිටුවෙහි බරපතළ දත්ත රැසක් හෙළි කර තිබේ. 2022 ජනවාරි 01 සිට 2022 අගෝස්තු 31 වෙනි දින දක්වා මෙරට අධිකරණ මගින් ඍජුවම බන්ධනාගාර ගත කර ඇති පිරිස 77,109ක් බව එයින් අනාවරණය කර තිබේ. ඒ අතරට, සිරකරුවන් සහ සැකකරුවන් යන දෙපිරිස ඇතුලත් ය. අදාළ කාලය තුළ අධිකරණ මගින් සිරගත කරන ලද මුළු සංඛ්‍යාව 14,941කි. එයින් 207ක් කාන්තාවන් ය. එම කාලය තුළ දී ම අධිකරණ මගින් බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 62,107ක් වන අතර, එයින් 2,221ක් කාන්තාවන් වෙති.

මේ අතර, 2022 සැප්තැම්බර් 30 දින අලුයම ලබා ගත් දත්ත අනුව සිරකරුවන් 9,002ක් සහ සැකකරුවන් 15,651ක් දෙනෙකු බන්ධනාගාරයේ රඳවා ගෙන සිට ඇත. මෙම දත්තවලින් හෙළිවන්නේ මාස 08ක් තුළ බන්ධනාගාරවල හුවමාරු වූ සිර දඬුවම් ලැබූ සංඛ්‍යාව 77,109ක් වූ බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්