අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් අරබයා අනුගමණය කිරීමට තීරනය කර ඇති නව ආනයන බදු ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් හිමිව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පනවා ඇත්තේ 10%ක ආනයන බද්දක් පමණි.
මෙම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ ඇතුළත් වේ. යුරෝපා සංගමයෙන් සහ තායිවානයට අයත් වේ.
මේ අතර ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය ඇතුළු රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරුනු ලබන්නේ 12.5%ක බද්දකි.
වාර්තා වන ආකාරයට මෙම නව බදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා පවතින නීති රටවල් රැසක් විසින් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් පවතින ලිහිල් ප්රතිපත්තියයි.
මීට පෙර අමෙරිකානු අධිකරණ තීන්දුවක් මගින් ට්‍රම්ප් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, එය ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක කාලයක් සඳහා පමණි. එම කාලසීමාව අවසන් වීමත් සමඟ මෙම නව බදු ප්‍රතිපත්තිය අද සිට බලාත්මක කර තිබේ.










