දිට්වා ආපදාවෙන් පසු කොළඹ කොටුව – තලෙයිමන්නාරම දුම්රිය ධාවනය අද සිට අරඹයි

දිට්වා ආපදාවෙන් පසු කොළඹ කොටුව – තලෙයිමන්නාරම දුම්රිය ධාවනය අද සිට අරඹයි

දිට්වා ආපදාව නිසා නවතා තිබූ කොළඹ කොටුව – තලෙයිමන්නාරම දුම්රිය සේවාව අද (24) සිට යළි ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, අද පස්වරු 3.50ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය තලෙයිමන්නාරම දක්වා ධාවනය කිරීමට නියමිතය.

එමෙන්ම, හෙට (25) අලුයම 4.10ට තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය යළි කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතය.

විශේෂයෙන්ම මෙම දුම්රිය සේවාව යළි ආරම්භ කර තිබෙන්නේ, අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඉලක්ක කර ගනිමින් ගමන් ගන්නා බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්