දිට්වා සුළි කුණාටුව පැමිණීමෙන් පසුව රට යළි ගොඩනැගීම සඳහා ක්ෂණිකව තාවකාලික පිළියම් යෙදීම පිළිබඳව විපක්ෂයේ සරදමට ලක් වූ ව්‍යාපෘති ගණනාවක ස්ථීර විසඳුම් ව්‍යාපෘති ආරම්භ කර ඇත.
විශේෂයෙන් ම, මෙම වසරේ මාස් කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සම්පාදනය කිරීමේ තාවකාලික පියවරක් ලෙසින් වැලි කොට්ටා අතුරා පිළියම් යෙදීමට සිදු විය. එම පියවර නිසා මෙම වසරේ මාස් කන්නයේ වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ අතර, කැඩී බිඳී ගිය ඇල වේලි සහ අමුණු ස්ථිරව ගොඩ නැගීමට මේ වනවිටත් සැලසුම් ක්‍රියාත්මක වේ. බදුල්ල තල්දෙන වාරි ව්‍යාපෘතිය ස්ථිරව ම ගොඩනැගීමට මුල් ගල් තැබීම සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වේ.
Views: 0










