නාමල් රාජපක්ෂ ප්රමුඛ විපක්ෂයේ සුන්බුන් කල්ලියේ අවශ්‍යතාවය අනුව වාචාල ප්‍රකාශ සිදු කරන චාමර සම්පත් දසනායකට එරෙහිව කාදිනල් හිමිපානන් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කර තිබේ.
මූල්‍ය අපරාධ චෝදනා සහ දේශපාලන බලය යොදා ගනිමින් සිදු කළ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිටත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවතින අතර, චාමර සම්පත් දසනායක දිගින් දිගටම සුන්බුන් විපක්ෂයේ මඩ ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටී. මෑතක පැවැත්වූ ජන හමුවක දී ඔහු ප්‍රකාශ කර තිබුණේ පළතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමියන් හමුවීමට පැමිණ කළ ඉල්ලීමක් අනුව වර්තමාන නාවික හමුදාපතිවරයා පත් කළ බවයි.
මේ ආකාරයේ ජාතිකත්ව සහ ආගමික සංහිඳියාවට එරෙහිව විවිධ සාහසික අවලාද නැගීමේ අන්තයකට චාමර සම්පත් පිවිසෙමින් සිටින අතර, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමු වී සිටී.
Views: 0










