මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්තවෙයි…. අවසන් කටයුතු ලබන සඳුදා…

මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්තවෙයි…. අවසන් කටයුතු ලබන සඳුදා…

කලක සිට පැවති අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

එදින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය, “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සිහින ලෝකේ” ඇතුළු අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරමින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් කලාකාරිනියකි.

Facebook
Twitter
LinkedIn