“ග්‍රීන්ලන්තය විකිණීමට තබා නැත”ඩෙන්මාර්කය ද කියයි !

“ග්‍රීන්ලන්තය විකිණීමට තබා නැත”ඩෙන්මාර්කය ද කියයි !

මේ දිනවල තුර්කියේ පැවැත්වෙන නේටෝ සමුළුව අමතමින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභිලාෂයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි කනස්සල්ල පල කර ඇතැයි වාර්තා වේ. ට්‍රම්ප් ගේ ප්‍රකාශය සමග දැඩිව උරණ වූ ඩෙන්මාර්ක අගමැතිනි METTE FREDERIKSEN මහත්මිය තම රටට අයත් ස්වයං පාලිත ප්‍රදේශය විකිනීමට තබා නැතැයි එයට පිළිතුරු වශයෙන් නැවතත් ප්‍රකාශ කර සිටියාය. ට්‍රම්ප් වැඩි දුරත් තම යුරෝපීය සගයන්ට චෝදනා කර සිටියේ ග්‍රීන් ලන්තය අත්පත් කර ගැනීමේ තම අපේක්ෂාව සඳහා ඔවුන් ගේ සහය නොලැබීම ඇමරිකාවේ ආරක්ෂාව සුළු කොට තැබීමක් ලෙස සලකමිනි.

යුරෝපා නේටෝ සාමාජිකයින් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය නිසා මම නේටෝව ගැන සතුටු නැහැ,” එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් අසල තබා ගනිමින්ය. නමුත් ඔහු එයට පිළිතුරු දීමෙන් වැලකි උදාසීනව සිටියේය.

“ග්‍රීන්ලන්තය එක්සත් ජනපද භාරකාරත්වය යටතේ තිබිය යුතුය,” ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් සිදු කල තර්ජනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල්ද දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

“ග්‍රීන්ලන්තය විකිණීමට නැත,” යයි ඩෙන්මාර්ක අගමැතිනි METTE FREDERIKSEN  ජූලි 8 වන බදාදා නැවත අවධාරණය කර සිටියාය.

නමුත් ට්‍රම්ප් යලිත් ප්‍රකාශ කළේ, “ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඉතා වැදගත්. නමුත් අපට ඩෙන්මාර්කයට අවශ්‍ය නෑ . අපට එය අවශ්‍ය වන්නේ එක්සත් ජනපදයට පමණක් නොව ලෝකයේම ආරක්ෂාව සඳහා ග්‍රීන් ලන්තය අත්‍යවශ්‍ය නිසා. එය ඩෙන්මාර්කයට උදව් කරන්නේ නැත, නමුත් එය අපට ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ලෙස උපකාරී වෙනවා. දෙවන ලෝක යුධ සමයේ නාසි හමුදාව ඩෙන්මාර්කය යටත් කර ගනු ලැබුවේ එක් දිනයක් ඇතුලත. ග්‍රීන් ලන්තය තිබුනේ ඇමරිකාව යට‍තේ. අපි එය පසුව මෝඩ ලෙස අත්හරිනු ලැබුවා” යයි ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත්, ඉතිහාසඥයින් පෙන්වා දෙනුයේ දෙවන ලෝක යුධ සමයේ ග්‍රීන්ලන්තය කිසි විටෙකත් ඇමරිකානු භූමියක් බවට පත් නොවූ බවයි. යුද්ධය අතරතුර, එක්සත් ජනපදය හමුදා කඳවුරු පිහිටුවා පිටුවහල් කරන ලද ඩෙන්මාර්ක බලධාරීන්ගේ එකඟතාවයෙන් එහි ආරක්ෂාව සහතික කළ නමුත්, ග්‍රීන් ලන්තයේ ස්වෛරීභාවය නිතරම ඩෙන්මාර්කය සතුව පැවතුනි. එබැවින් එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය “ආපසු” දුන්නේ නැත. මන්ද එය ඔවුන්ට අයිතිව, යටත්ව තිබුණු ප්‍රදේශයක් නොවුන නිසා” යයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටි.

එසේම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් යුරෝප සංගමයේ රටවල් ද වහා ප්‍රතිචාර දක්වනු ලැබිණි.

 “භෞමික අඛණ්ඩතාව, ජාතික ස්වෛරීභාවය සහ දේශසීමා උල්ලංඝනය කිරීම තහනම් වේ” යන “ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම වලට සියළුම රටවල් ගරු කල යුතුව ඇත” යයි යුරෝපීය සංගමයේ විධායක සභාව ලෙස සැලකෙන යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු වන Olof Gill මාධ්‍යයට පැවසුවේ, ග්‍රීන්ලන්තයේ අනාගතය පිළිබඳ තීරණය “ග්‍රීන්ලන්තයේ ජනතාවට සහ ඩෙන්මාර්ක ජනතාවට ” අයත් කාරණයක් බව යලි අවධාරණය කරමිනි.

ප්‍රංශයේ පලවන Le monde පුවත්පත සමඟ ජූලි 9 වන බදාදා සිදු කල සම්මුඛ සාකච්ඡාවකදී, ඩෙන්මාර්ක අගමැතිනි METTE FREDERIKSEN  නැවත අවධාරණය කළේ

“ග්‍රීන්ලන්ත වැසියන් එක්සත් ජනපදයේ කොටසක් වීමට කැමති නැති බව ඉතා පැහැදිලියි. ඔවුන්ට ස්වයං නිර්ණය බලයේ අයිතියක් තිබෙනවා, අපි එයට ගරු කරන්නෙමු. මම ඉල්ලා සිටින්නේ සෑම දෙනාටම එකම ගෞරවයක් පෙන්වන ලෙසයි. අපි ස්වෛරී රාජ්‍යයක්. අප රටේ භෞමික අඛණ්ඩතාවට ලොව සියලු දෙනා විසින් ගරු කළ යුතුයි. රටේ විශාලත්වය මත හෝ කුඩා බව හෝ මත නොව මම නැවත වරක් ඉල්ලා සිටින්නේ සෑම කෙනෙකුටම එක හා සමානව ගරු කරන ලෙසයි” යයි ඇය තවදුරටත් ඉල්ලා සිටියාය.

නේටෝ සමුළුවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුධ අභිලාෂයන් සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“මම දේශපාලන ෆැන්ටසියක නිරත නොවෙමි. අපගේ නේටෝ සන්ධානයේ ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්ති අතර යම් සාමාජිකයෙකුට පහර දුන්නොත් සියළුම සාමාජිකයින් තනි සහයෝගීතාවයේ පෙරමුණකට පැමිණීමේ නීති පමණක් නොව, සාමාජිකයින් අතර සිදුවන ගැටුම් වලදී හා එකිනෙකාට පහර දීම වැළැක්වීම සඳහා ද ගත යුතු සහයෝගීතාවයේ නීති ප්‍රකාර ද සඳහන් කර තිබෙනවා. මීට වඩා ලොව පුරා බරපතල අර්බුධ නිර්මාණය වී තිබෙන මෙවැනි යුගයක බරපතල ලෙස කනස්සල්ලට පත්වීමට, සාකච්චා කිරීමට සිදුවන සැබෑ හේතු ඕනෑ තරම් තිබෙනවා” යයි ඔහු තම නොසතුට පල කර සිටියේය.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට තර්ජනය කළ වසර ආරම්භයේදී නේටෝ සන්ධානය බරපතල කැළඹීමකට මුහුණ දුන්නේය. ට්‍රම්ප් ගේ බලහත්කාරය පිළිබඳව නේටෝ සංවිධානය තුලම අර්බුධ නිර්මාණය විණි. සති කිහිපයක අතිශය ආක්‍රමණශීලී කතාවලින් පසුව ඇමරිකානු ජනාධිපතිවරයා අවසානයේ පසුබැස ගියේ ඔහුගේ අවධානය ඉරානය වෙත යොමු වීමෙනි.

නමුත් ලෝකය තුල ඇමරිකානු භූමිය තවදුරටත් පුළුල් කිරීමේ අදහස ඔහුව තවමත් අතහැර දැමූ බවක් නොපෙනේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය කෙරෙහි ඇති උනන්දුව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත, විශේෂයෙන් 2019 දී සහ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක වේදිකා වලදී සහ ඔහු නැවත ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ඔහු නිතර නිතර එය පුනුරුච්චාරණය කරන ලදී.

මෙයට හේතු වනුයේ ග්‍රීන් ලන්තයේ උපායමාර්ගික වැදගත්කම හා එහි ඇති මිලිටරි වැදගත්කම වේ. ආක්ටික් ප්‍රදේශයේ පිහිටා ඇති ග්‍රීන් ලන්තය මිසයිල නිරීක්ෂණ සහ ආක්ටික් මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන මරමස්ථානයක් ලෙස සැලකේ. එසේම එහි ඇති ස්වාභාවික සම්පත් වන දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය, තෙල්, ගෑස් සහ ඛනිජ ලවණ සැලකිය යුතු විභව ද තැන්පත්ව ඇත. පෘතුවී උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවී තිබෙන අයිස් දියවීමත් සමඟ, මෙම සම්පත්වලින් ගහන සමහරක් කලාප වඩාත් හොඳින් බාහිරට ප්‍රවේශ වෙමින් පවතී. එසේම දේශගුණික විපර්යාස හේතුවෙන් ක්‍රමයෙන් ආක්ටික් ප්‍රදේශයේ මාර්ග ද විවෘත වෙමින් පවතින අතර, එමඟින් සමහර වෙළඳ මාර්ග කෙටි කර කලාපයේ භූ දේශපාලනික වැදගත්කම වැඩි වෙමින් පවතී.

 එසේම එක්සත් ජනපදය චීනය සහ රුසියාව සමඟ ආක්ටික් කලාපය බෙදා ගැනීම් සඳහා මේ වන විට තරඟකයක නිරත වී සිටින අතර මෙම රටවල් දෙක ආක්ටික් ප්‍රදේශයේ ඔවුන්ගේ ආර්ථික හා මිලිටරි ක්‍රියාකාරකම් සංවර්ධනය වන බලපෑම සීමා කිරීමට ද ඇමරිකාව උත්සාහ කරමින් සිටි.

කෙසේවෙතත් ඩෙන්මාර්ක අගමැතිනිය “ග්‍රීන් ලන්තය විකිනීමට තබා නැත” යනුවෙන් සඳහන් කිරීමෙන් පල වනුයේ මේ වන විට ඇල්බේනියාවේ ජනතාව ට්‍රම්ප් ගේ පවුල විසින් එරට සිදු කිරීමට යන සංචාරක ව්‍යාපෘතියට එරෙහිව එරට ජනතාව විසින් දහස් ගණනින් වීදි බැස පෙරට ගෙන එන ලද සටන් පාඨය වන “ඇල්බේනියාව විකිනීමට තබා නැත ” යන්න තම අතට ගැනීමෙන් ද ට්‍රම්ප් ට උපහාසාත්මක ප්‍රහාරයක් ඇය විසින් එල්ල කර ඇති බව යයි දේශපාලන විචාරකයින් මේ අතර පවසා සිටි.

Facebook
Twitter
LinkedIn