නැගී සිටින්නැයි නාමල්ගෙන් සජිත්ට හදිසි ලියුමක්…

නැගී සිටින්නැයි නාමල්ගෙන් සජිත්ට හදිසි ලියුමක්…

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි සාකච්ඡාවක් පවතින බව අධිකරණ ඇමති හෙළිකිරීමත් සමග විපක්ෂයේ සියලූ කණ්ඩායම් දැඩිසේ කලබලවී ව්‍යාජ ප‍්‍රචාර සංවිධානාත්මකව දියත් කර තිබේ.

එම ප‍්‍රචාර අතරට අලූතින්ම එක්වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස වෙත ඊයේ (7) යවන ලද ලිපියයි. එම ලිපියේ සිරස්තලය ලෙස සඳහන් කර තිබෙන්නේ “හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරමින් නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමට එරෙහිව සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පක්ෂවල නැගී සිටීමේ අවශ්‍යතාවය” යන්නය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මෙම උත්සාහයට විරෝධය පළ කර ඇති බවය. එහෙත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය විපක්ෂයේ කල්ලි කණ්ඩායම් ගණනාවක් මූලික කරගෙන පසුගිය 04වැනිදා පවත්වන ලද රැස්වීම මුළුමනින්ම අසාර්ථක වූ අතර, එම සංගමයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධත්වයක් නොමැති බවය.

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉතාමත් සටකපට ආකාරයෙන් ගෙන ගිය ප‍්‍රයත්නය අසාර්ථක වීමෙන් දින තුනකට පසුව නාමල් රාජපක්ෂ ඍජුව මැදිහත් වී සජිත් පේ‍්‍රමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සමග සංධාන ගතවීමට උත්සාහ කරමින් සිටින බව මෙම ලිපියෙන් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn