ගෑස් මිලත් පහළට

ගෑස් මිලත් පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමා ඇති අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් පහළ දමා ඇත.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දමා තිබේ.

මෙම මිල පහළ දැමීම අනුව රුපියල් 4,765ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365ක් ලෙස සටහන් වේ.

එමෙන්ම රුපියල් 1,910ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,792ක් ලෙසත් රුපියල් 890ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 835ක් ලෙසත් සටහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්