Colombo Marathon සඳහා ලියාපදිංචි වීම ආරම්භ කෙරේ …..!

Colombo Marathon සඳහා ලියාපදිංචි වීම ආරම්භ කෙරේ …..!

සැප්තැම්බර් 13 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Colombo Marathon තරගය සඳහා ලියාපදිංචි වීම මේ වනවිට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ හඳුන්වා දී ඇති QR කේතය මගින් ලියාපදිංචි විය හැකි අතර www.colombomarathon.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවය. තරගය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැප්තැම්බර් 01 වැනිදාට පෙර ලියාපදිංචි වියයුතු බවද තවදුරටත් සඳහන් කරයි.

පූර්ණ මැරතන් (කි.මී. 42.195), අර්ධ මැරතන් (කි.මී. 21.097), කි.මී. 10 ධාවන තරගය, කි.මී. 5 විනෝද ධාවනය සහ කි.මී. 1–2 ළමා කුඩා මැරතන් යන අංශ යටතේ තරගාවලිය පැවැත්වේ.

මෙහි තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම් ලත් විනිසුරුවන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.

Colombo Marathon තරගාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව සංචාරක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් බවද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn