දකුණු කොරියානු හිටපු ජනාධිපති බිරිඳට වසර 07ක සිරදඬුවම්

දකුණු කොරියානු හිටපු ජනාධිපති බිරිඳට වසර 07ක සිරදඬුවම්

දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳ වන කිම් කියෝන්හට වසර 07ක සිරදඬුවමක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකාරිය වීම හේතුවෙන් සෝල්හි අධිකරණයක් මගින් ඇයට මෙම දඬුවම් නියම කර ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

යූන් සුක් ජනාධිපති ධුරය දැරූ 2022ත් 2025ත් අතර සමයේ දී ජනාධිපති ආර්යාවගේ තනතුර අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික වටිනාකමින් යුතු ආභරණ ඇතුළු ත්‍යාග අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබු බව සඳහන් වේ.

රට තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ අසාර්ථක උත්සහය හේතුවෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් හටද පසුගිය පෙබරවාරි මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා රැසකට අදාළව නඩු විභාග වෙමින් පවතින බව උක්ත විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn