පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම, ත්‍රස්වාදය වැල්කවීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අද දින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපති නම් කර තිබේ.
348










