මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අයුතු බලපෑම් කර බලහත්කාරය පෑම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයකට අදාළව ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති රත්නපුර කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකුද වන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේදීය.
මැණික් පතලක මැණික් ගල් සොරකමක් සම්බන්ධව ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් පතල් හිමියකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකෙරෙන පුද්ගලයකුට මෙම සැකකාර පොලිස් නිලධාරියා තනතුර භාවිතා කර අයුතු බලපෑම් කර ඇතැයි විමර්ශනවලදී හෙළිදරව් වී ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
617










