ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්යක්ෂ අයි.ජී.එස් ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිට නියෝග කර තිබේ.
ඒ, 2024 වසරේ පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් නිකුත් කර තිබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනි.
අදාළ වගඋත්තරකරුට මාර්තු 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
එම නියෝගය නිකුත් කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිණි.
2024 පවස ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර, එම තීන්දුවට අනුව අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස් ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවත්, අදාළ මුදල මෙම තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබීණි.
එහෙත් වගඋත්තරකරු විසින් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්, ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබී ඇත.










