රනිල් කැපූ විශ්‍රාම වැටුප යළි රාජ්‍ය නිලධාරීන්ට – පත්වීම් ලිපි සංශෝධනයට පියවර

රනිල් කැපූ විශ්‍රාම වැටුප යළි රාජ්‍ය නිලධාරීන්ට – පත්වීම් ලිපි සංශෝධනයට පියවර

2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් අහිමි කිරීමට එවකට එවකට පැවති රනිල් + මෛත්‍රී යහපාන ආණ්ඩුව කටයුතු කළ අතර එම විශ්‍රාම වැටුව නැවත හිමි කර දීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව, ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සඳහන් කරයි.

එම සංශෝධනයට අනුව සියලුම රාජ්‍ය නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන අතර, ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවලද විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම සිදු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මෙම 2026 වර්ශයට අදාළව ජනාධිපති අනුර දිසානායක විසින් ඉදිරිපත් කළ අයවැය මගින් මෙම විශ්‍රාම වැටුප හිමි කරදීමට යෝජනා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn