අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතනය : තවත් අයෙක් අත්අඩංගුවට

අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතනය : තවත් අයෙක් අත්අඩංගුවට

තලංගම, අකුරේගොඩදී පසුගිය 13 වැනිදා පස්වරුවේ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ බිරිඳ ඝාතනයට අදාළව තවත් සැකකරුවකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අනාවරණය වන කරුණු අනුව මෙලෙස අත්අංගුවට ගෙන ඇත්තේ, මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවන් දෙදෙනා ලැගුම්හල් වෙත රැගෙන ආ කොට්ටාවේ පදිංචි ‘ජනක’ නමැත්තෙකි.

විදේශගතව සිටින ‘මල්වානේ ටුටූ’ නමැති අපරාධකරුගේ උපදෙස් මත වෙඩික්කරුවන් ලැගුම්හල් වෙත රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා වන අතර මෙම සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් වෙඩික්කරුවන්ට ලැගුම්හල්වල නැවතී සිටීමට පහසුකම් සලසා දී ඇති බව පැවසේ.

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන මෙම සැකකරු ‘මල්වානේ ටුටූ’ නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයකු ලෙසටද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn