පසුගිය 2010 – 2025 කාලයේ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පැමිණිලි ලබා ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව, මහජන පැමිණිලි ලබා ගැනීමේ කාලය 2026 මාර්තු මස 16 වන දින දක්වා දීර්ඝ කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
උක්ත අවුරුදු 15 තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇති දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපළ සාපරාධී අපහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත් කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙම කොමිසම මගින් සොයා බැලීමට නියමිතය.
ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත පහත ලිපිනයට එවීමට දැනුම් දෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
ලිපිනය : අංක 152, ගාලු පාර, කොළඹ 03.
දුරකථන අංකය : 0112301735










