හිටපු CID අධ්‍යක්ෂ අත්අඩංගුවට… විදෙස්ගත වීමත් තහනම්…

හිටපු CID අධ්‍යක්ෂ අත්අඩංගුවට… විදෙස්ගත වීමත් තහනම්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (09) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ කිසිදු අධිකරණ නියෝගයකින් තොරව සිය අභිමතය පරිදි 2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සිදුවීමට අදාළවය.

ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කර ලද්දේ ගොටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව.

අනතුරුව 2019 නොවැම්බර් 25 වැනිදා ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් 704 දෙනාට ඔහුගේ අභිමතය පරිදි විදෙස් ගමන් තහනමක් පැනවීමට පියවර ගන්නා ලදී.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරුණු අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

Facebook
Twitter
LinkedIn