කටුනායකට ජපානය දුන්න E – Gates අද විවෘත කරයි

කටුනායකට ජපානය දුන්න E – Gates අද විවෘත කරයි

ජපාන රජයේ අධාර මත කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉදිකළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු පවසන්නේ ඉලෙක්ට්‍රොණික ගේට්ටු හතරක් මෙලෙස විවෘත වන බවයි.

මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවඳ ප්‍රධාන ආගමන විගමන නිලධාරි වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn